BREAKING NEWS

Category 5

Category 6

Category 7

Sunday, August 9, 2015

නිවැරදි මළපහ කිරීමේ ඉරියව්ව දැනගනිමු


අද අපි කතා කරන්න යන්නේ වැසිකිලිය හා එහි මලපහ කරන ඉරියව්වත් අතර ඇති සම්බන්ධතාවක් ගැන. ස්වභාවික ඇන තියාගෙන (Relax Natural Sqatting Position) කරන,  අංශක 35 මල පහ කිරිමේ ඉරියව්වට වඩා දැනට බොහෝ දෙනා වාඩි වී කරන අංශක 90 මලපහකිරිමේ ඉරියව්ව, බොහෝ සෞඛ්‍යමය ගැටලුවලට හේතු වන බව මෑතකදි කරපු පරීක්ෂනයකදි සොයගෙන තිබෙනව. ඒ පිළිබද සිද්ධාන්තය මේ වගේ එකක්.
කොමඩ් එකක් මත වාඩි වී කරන ඉරියව්වේදි අස්වාභාවික ලෙස අධෝමාර්ගයේ උඩු අතට ඇති කරන පිඩනය නිසා මල පහ නිදහසේ පහලට ඒමට බාධාවක් ඇති කරනවා .මේ නිසා මළ පිටකිරමට යම් වෙහෙසක් ගන්නට සිදුවෙනවා (සමහරවිට තටමන්නට සිදුවෙනවා ). නමුත් ස්වභාවික ඇනතියාගෙන කරන ඉරියව්වේදි මල මාර්ගය සෘජුව පිහිටන නිසා මළ පහ කිරීම ආයාසකින් තොරව කිරිමට හැකියාව ලැබෙනවා. මේ ගැන පැහැදිලි විස්තරයක් හා එයට විසදුමකුත් පහත වීඩියො එකේ තියනවා.

මෙම ඉරයව්වේ ඇති වාසි
මළබද්ධය පහසු කරයි
අපගේ ශරීරයට අවශ්‍ය වන දෛනික තන්තුමය (fiber) ආහාර ප්‍රමාණය හා ජල ප්‍රමානය අප බොහෝ දෙනා ලබාගන්නේ නැහැ. මේ කරුණු දෙකත් සමග වැරදි මළපහ කිරීම කියන හේතුවත් එකට එකතු වු විට එය බොහෝ සෞක්‍යමය ගැටළු අැතිකරනවා . ඉහත සදහන් කල මුල් කාරනා දෙක හේතුවෙන් ශරීරය තුල නිපදවන වියලි මළ, පිටතට මුදා හැරිම වැරදි ඉරියව්ව නිසා වඩාත් අපහසුකටයුත්තක් බවට පත්වෙනවා . මළබද්ධය නමින් අපි හදුන්වන්නේ එයයි. ජීවිතේ එකවරක් හෝ මේ අත්දැකිම විද ඇති බව නිසකයි .නමුත් මෙය ආරම්භය පමණයි.

අර්ශස් සදහා විසදුමක්
මේ වියලි මලපහ ඉවතට ගැනිමට අපට දැඩි ආයාසයක් ගැනිමට සිදුවෙනවා. අපි "තැටමීම" කියල හදුන්වන්නේ මෙයයි. මේ නිසා අර්ශස් වැනි රෝග තත්වයන් ඇතිවීමේ අවධානමක් හටගන්නවා. එවැනි රෝගියෙක් මෙවැනි වැරදි මළපහ කිරිමේ ඉරියව්වක් භාවිතා කිරීම දැඩි වේදනාවක් ගෙන කටයුත්තක් වෙනවා.

මහා බඩවැලේ පිළිකා අවධානමට පිළියමකි
මල පහ සම්පුර්ණ ලෙස පිට කිරීමට හැකිවීම නිරෝගි මහන්ත්‍රයක් (මහ බඩවැල) පවත්වා ගැනිමට උපකාරි වෙනවා .පරීක්ෂණ වලින් සනාථ වී ඇති කරණු අනුව මහන්ත්‍ර යේ සම්පුර්න ලෙස ඉවත් නොවි දිගු කලක් පවතින මල පහ නිසා ඒ අශ්‍රිතව පිලිකා හට ගැනිමෙ අවධානමක් පවතිනවා. මේ, ක්‍රමයෙන් එකතු වන මල පහ නිසා අප ලබාගන්නා ආහාර වල ඇති පෝෂණය උරා ගැනිමට ශරීරය අපොහොසත් වෙනවා. මේ නිසා ශරිරයට අප්‍රානික ගතියක් ඇති කරනවා.

මුත්‍රා ආසාධන සදහා පිළියමකි
විශේෂයෙන් කාන්තාවන් හා සම්බන්ධව ගත් කල ඇණ තියාගෙන අංශක 35 ට මුත්‍රා පහ කිරීම එම මාර්ගයේ පිහිටීම නිසා වඩා පහසු කටයුත්තක් වෙනවා.මුතාශයේ සම්පුර්ණයෙන් හිස් කිරීමටද මෙම ඉරියව්ව හේතුවක් වෙනවා .එමෙන්ම එය මුත්‍රා මාර්ගයේ ආසාධන ඇතිවීමේ සම්භාවිතාවයද අඩු කරනවා.


එහෙම නම් ආයාසයෙන් මළපහ කරන්නට නොලැබෙන සුභ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. නැවත දවසක හමුවෙමු!


Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger