අපේ ශරීරයේ යම් මාංශපේශි කොටසක් දිගු කලක් භාවිතා නොකලොත් එය දුර්වල බවට පත්වෙන බව අපි දන්නවා. උදාහරනයක් ලෙස අපේ පාදයකට සිදුවු ආබාධයක් නිසා අපි රෝද පුටුවක් දිගු කාලයක් භාවිතා කලොත් අදාල පාදයට අවශ්‍ය ව්‍යායාම නොලැබි යාම නිසා එය තවත් දුර්වල බවට පත්වෙනවා.
අපගේ ඇස සම්බන්දවද මේ කාරණය පොදුයි. අපි දිගු කලක් ඇස් කණ්නාඩි භාවිතා කලත් ව්‍යායම් ලබා නොදුනහොත් ඇසෙහි මාංශපේශින් තවත් දුර්වල භවට පත්වෙනවා. මේ නිසා ඇසෙහි පෙනිම වැඩිදියුණු කරගත හැකි ක්‍රම කිහිපයක් ගැන සලකා බලමු.
1.සෑම පැය 2-3කට සැරයක් විනාඩි කිහිපයක් දෑස් පියාගෙන සිටින්න. එයින් ඇස් මත යෙදෙන අනවශ්‍ය පීඩනය දුරුවනු ඇති.
2.ඔබේ ඇස් සදහා කල හැකි ව්‍යායම 16ක් මෙහි දැක්වෙනවා. එහි දැක්වෙන හැඩයන් හා පථය (path ) අනුව ඔබේ ඇස් හසුරවන්න .13-14-15-16 හි දැක්වෙන පරිද ඔබේ දඹරගිලි එහාට මෙහාට කරමින් එම චලනය ඔස්සේ අදාල දිශාවන්ට ඔබේ ඇස් හසුරවන්න.
මෙම ව්‍යායාම කරන කාලය තුලදි ඇස්කණ්නාඩිය නොපළදන්න.
3.මෙහි දැක්වෙන ලක්ෂයන් දිනපතා මෘදුව තෙරපන්න.
4.ඔබගේ දඹරගිලි හා මැදගිලි දෙක යොදාගනිමින් ඇස් බෝලය යම්තමින් තෙරපන්න (වේදනාවක් නොදැනෙන පරිදි).
5.එලිමහනේ ඇවිදින විට දුර බලන් ඇවිදීම සිදුකරන්න.
6.ඔලිව් ඔයිල් බිංදු කිහිපයක් එකතු කරන ලද කැරට් යුශ වීදුරුවක් දිනපතා පානය කරන්න.
7.මද උනුසුම් වතුරෙන් ඔබේ ඇස් සෝදා පිරිසිදු කරන්න.
8.නින්දට යාමට පැය දෙකකට කලින් වත් ලැප්ටොප් හා පරිඝනකය (PC) වැනි දෑ භාවිතා නොකර සිටිමට උත්සාහ ගන්න.



Post a Comment