BREAKING NEWS

Category 5

Category 6

Category 7

Sunday, August 9, 2015

දවස් 30 න් කෙට්ටු වෙන්න දේශිය රහස් බෙහෙත් වට්ටෝරුව මෙන්න


උදෑසන අවදිවු විගස පළමුව මද රස්නය ඇති වතුරු වීදුරුවක් පානය කිරීම තුලින් ආහාර ජීර්ණය හොදින් සිදුවන අතර මළ බද්ධය වළකයි.මෙය මාසයක් පමණ අඛන්ඩව කිරීමෙන් ශරීර බර අඩුවේ.මෙහිදි පානය කිරිමට තරම් හොද රස්නයේ වතුර තිබිය යුතුය. නිවුනු වතුර සුදුසු නොවේ. (උණු වතුරද නොවිය යුතුය).

වතුර වීදුරුවකට මී පැණි තේ හැදි 1ක් මිශ්‍රකර උදේ හිස්බඩට පානය කරන්න මෙය මාස කීපයක් අඛන්ඩව කිරිමෙන් ශරීරයේ බර අඩුවේ

උදේ ආහාරය වශයෙන් දිනපතා කැද වතුර පමණක් ආහාරයට ගන්න විශේෂයෙන් වියළි ඉගුරු කැබැල්ලක් දමා කැද පිලියෙල කරගන්නමාසයක් පමණ කාලයක් මෙසේ කිරිමෙන් බර අඩුවේ.

රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න නින්දට යාමට පෙර මද රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැදි 1/2 හා මී පැණි තේ හැදි 1ක් මිශ්‍ර කර පානය කරන්න මෙය දිනපතා කිරිමෙන් ශරීරයේ බර අඩුවේ.

දිනපතා ආහාරයෙන් පසුව සුදුලූණු හා ගොරක තම්බා ගත් වතුර අඩු කෝප්ප එකක් පානය කරන්න මෙමගින් ආහාර ජීර්ණය වර්ධනය කරයි මේද අවශෝෂනය අඩු කරයි ශරීරයේ බර අඩු කරයි


ගෝවාවල Tartroic Acid තිබේ එමගින් සීනි හා කාබෝ හයිඩ්‍රේට මේදය බවට පත්කිරිම වලකයි මේ නිසා ගෝවා මගින් ශරීරයේ බරද අඩු කරයි දිනපතා ගෝවා කොල 50g පමන දෙහි යුෂ සමග සලාදයක් ලෙස ආහාරයට ගැනිම සුදුසුය

කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප භාගයක් දෙහිගෙඩි භාගයක ඉස්ම හා මිශ්‍රකර උදේට පානය කරන්න මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කල හැකිය

මේ අනුව ශරීර බර අඩු කිරීම සදහා ආහාර පාලනය සහ ක්‍රියාශිලි දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙන බව හා ගෙරදි පිළියලෙ කරගත හැකි සරල ආහාර හා  අත්බෙහෙත් ද ඇති බව ඔබ දැන් දන්නවා

ආචාර්ය එස් එම් එස් සමරකෝන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කැළණිය විශ්වවිද්‍යාලය

Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger