BREAKING NEWS

Category 5

Category 6

Category 7

Wednesday, August 5, 2015

ටොයිලට් පේපර් මංගල ඇදුමින් සැරසුණු මනාළියො

සිල්ක් සැටින් වැනි රෙද්දක් යොදාගෙන මංගල ඇදුමක් නිර්මාණය කිරිම ඕනෑම මෝස්තරශිල්පියෙකු සතු හැකියාවක්.එ්ත් ටොයිලට් රෝල් කිහිපයක් යොදාගෙන එවැනි නිර්මාණයක් සිදුකිරිමට හැකිනම් ඔහු හෝ ඇය සැබවින්ම දක්ෂ මෝස්තර නිර්මාණකරුවෙක්.11 වැනි වරටත් පැවැත්වු වාර්ශික "Toilet Paper Wedding Dress Contest" තරගය පසුගිය ජුනි මාසයේ නිව්යෝක් හිදි පැවැත්වුනා. විවිධ ආකාරයේ මංගල ඇදුම් පමණක් නෙවෙයි, රැළි සායවල්,හැට්ටවල්, විවිධ ගෙත්තම් ,වගේම තොප්පි වගේ දේත් මේ අසාමාන්‍ය තරගය වෙනුවෙන් නිර්මාණය කරල තිබුනා. මේවා කෙතරම් උසස් ලෙස නිර්මාණය කරල තිබුනද කිව්වොත් කිසිම මනමාළියක් මේ නිර්මාණ වලින් සැරසි හැඩ බලන්න දෙවරක් සිතන එකක් නැහැ. එතරම් ඒවා අනගි භවනීය නිමාවෙන් යුක්තයි.මෙම අපුරු තරගයේ නිර්මාතෘන් වෙලා සිටියේ Cheap Chic-Weddings.com වෙබ්අඩවියේ අයිතිකරුවන් වන Laura Gawne සහ Susan Bain යන දෙදෙනායි. අඩු වියදමින් ශෝබන, ජේත්තුකාර, නවින පන්නයේ විවාහ මංගල්‍යක් ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටින විට තමයි ඔවුන්ට මේ අපුරු අදහස පහල වී තිබෙන්නේ. ඒ 2004 වර්ෂයෙදි.අද වන විට එය සැමදෙනාගේම දැඩි අවධානය දිනාගත් වාර්ශිකව පවත්වන තරගයක් බවට පත්වෙලා. ඉතිං මේ තරගයේ නීතිරීති මෙහෙමයි. ඩොලර් දස දහසක ($10,000 USD) ත්‍යාගයක් සදහා තරග වදින මේ නිර්මාන කරුවන්ට තමන්ගේ නිර්මාණයේ ඡායාරූප තරගය සදහා එවන්න ඕන.


නිර්මාන සදහා යොදාගන්න පුලුවන් Charmin කියන වෙළද නාමය යටතේ තියන ටොයිලට් පේපර්ස් (මොවුන් තමයි මේ තරගයට අනුග්‍රහය දක්වන්නේ. ඒකයි ;) ) ,ඉදිකටු ,නූල් ,කඩදාසි, ගම්, සහ ටේප් පමණයි.වෙල්ක්‍රො යොදාගන්න බැහැ. (වෙල්ක්‍රො දන්නවනේ අර බෑග් වල එහෙම ඇලවෙන්න තියෙන්නේ).


මේ වර්ශයේ තරගය සදහා නිරමාණ 1500ක් පමණ ඉදිරිපත් වෙලා තිබෙනවා. හොදම 10 තෝරන්නේ ජන්දයක් තියල .ඉතිං අවසානයේ මේ අතරින් තේරුනේ "Top Hat, TP, and Tails," කියන Brentwood, TN හා, Donna Pope Vincler අය ඉදිරිපත් කළ නිර්මාණය .එය නිම කිරීම සදහා ඔවුනට මාස 3ක් ගතවීලු. ටොයිලට් පේපර් රොල් 22 යොදාගෙන තමයි මේ නිර්මානය නිමකරල තිබෙන්නේ.


ඉතිං දැන් කතා කළා ඇති .මේ නිර්මාණ රස විදිමු වැඩි විස්තර ඕන නම් ගූගල් එක පීරල බලන්නකො .තව ගොඩක් විස්තර හොයාගන්න පුලුවන් වෙයි මේක ලියන ගමන් කල්පනා කලේ ඇත්තටම ටොයිලට් පේපර් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද ? දන්න කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න .එහෙනම් ආයේ දවසක එනකම් සුභ දවසක් වේවා හැමෝටම!
 

Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger