"එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ලෙස හැඳින්වෙන මෙම හොලෝග්‍රෑම් තාක්ෂනය, ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයක්. එහෙත් එය සජීවී. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවා. එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනවා. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැකියි.අපි මේ ලිපියෙදි හොලොග්‍රෑම් වල තාක්ෂනික පැත්ත විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒත කැමති කෙනෙක් ඉන්නවනම් WIKI යට ගිහින් අවශ්‍ය කාරනා ගැන දැනුවත් වෙන්න පුලුවන්.
අපේ රටේ පහුගිය ජනාධිපතිවරනෙදිත්, ඡන්ද ප්‍රචාරණ කටයුතු සදහා මහින්ද හිටපු ජනාධිපතිතුමා මේ තාක්ෂනය යොදාගත්තා.
![]() |
| හොලෝග්‍රැම් මහින්ද හිටපු ජනාධිපතිතුමා |
කාර්ය බහුල ජීවිතේ කාලයත් එක්ක ගනුදෙනු කරනවිට මේ වගේ එකවර දෙතැනක පෙනී ඉන්න පුලුවන් තාක්ෂනක් යොදාගන්න පුලුවන් එකත් ලොකු වාසියක්. මීට කලින් 2pac සහ මයිකල් ජැක්සන් (වීඩියෝව) කියන ගායකයො දෙන්න, ඒවගේම ඉන්දියාවේ අගමැති මෝදිතුමා (වීඩියෝව බලන්න) වගේම, ඇමරිකාවේ බැරැක් ඔබාමා ජනාධිපතිවරයත් ,මේ අපුරු තාක්ෂනය තමන්ගේ කටයුතු පහසු කරගැනිම සදහා යොදාගන්නවා.
දැන් මේකයි වැදගත්ම කතාව .ඇත්තටම මේකේ විස්තර කරපු විදියේ අධිතාක්ෂනික ,අධික වියදමක් යන හොලොග්‍රෑම් එකක් නෙවෙයි අපි මේ හදන්න යන්නේ. මේක හුදෙක් විනෝදය සදහා පමණයි. මොකද මේක ඇත්තටම ත්‍රිමාන (3D) නෙවෙයි. ප්ලාස්ටික මතු පිටක් මත මැවෙන ද්විමාන වස්තුවක පරාවර්තන නිසා අපට එය ත්‍රිමාන බවින් යුතුව පේනවා .සැබෑම හොලෝග්‍රාෆ් තාක්ෂනයෙදි ප්‍රතිභිම්බය හැදෙන්නේ නිදහස් අවකාශයේ. ඒකයි විශේෂත්වය!
ඉතිං මේක කරන විදිය පියවරෙන් පියවර විස්තර නොකර මම වීඩියො එකක් දමන්නන් .එතකොට ලේසියිදැන් මේකයි වැදගත්ම කතාව .ඇත්තටම මේකේ විස්තර කරපු විදියේ අධිතාක්ෂනික ,අධික වියදමක් යන හොලොග්‍රෑම් එකක් නෙවෙයි අපි මේ හදන්න යන්නේ. මේක හුදෙක් විනෝදය සදහා පමණයි. මොකද මේක ඇත්තටම ත්‍රිමාන (3D) නෙවෙයි. ප්ලාස්ටික මතු පිටක් මත මැවෙන ද්විමාන වස්තුවක පරාවර්තන නිසා අපට එය ත්‍රිමාන බවින් යුතුව පේනවා .සැබෑම හොලෝග්‍රාෆ් තාක්ෂනයෙදි ප්‍රතිභිම්බය හැදෙන්නේ නිදහස් අවකාශයේ. ඒකයි විශේෂත්වය!
ඔයාලත් අත්හදා බලන්න. ප්ලාස්ටික් කවරේ කපාගන්න පොඩ්ඩක් අමාරු වෙයි. මම නම් ඒකට පාවිච්චි කලේ හොදට කැපෙන පැති නියනක්. ඒක වඩුමහත්තයෙක්ගෙන ඉල්ලගන්න පුළුවන් .
කපාගන්න ඕන සයිස් එක මේකයි.
කපාගන්න ඕන සයිස් එක මේකයි.
ඉතිං හදල බලන්න එහෙනම් දැන් .හොද නරක අපිටත් කියන්න.
අනික් අයටත් විනෝද වෙන්න,අගේ නොකර මේ ලිපිය එයාලා අතරෙත් බෙදාගන්නව නම් ස්තුතිවන්ත වෙනවා
සුභ දවසක් !
Credits to American Hacker for idea:
Credits to American Hacker for idea:




Post a Comment