ට්‍රැෆික් පොලිස් මාමලා ඔවුන් ක්‍රියා කලයුතු ආකාරය පිලිබඳ කරුනු සහිත ලිපියක් වසර ගනනාවක සිට (2013) මුහුනුපොතේ හුවමාරු වෙනව ඔබ සමහර විට දැක අැති.බොහෝ රියදුරන් මේ නීති තර්ක ගෙන එමින් රථවාහන පොලිස් නිලධාරින් සමග ගැටුම් ඇති කරගත් අවස්ථාද අසන්නට ලැබෙනවා. ඒ අනුව මේ ජනප්‍රිය දුර්මත පිලිබඳ පොලිස් දෙපාර්තුමේන්තුව ඉදිරිපත් කල පැහැදිලි කිරීමක් ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ ලිපියේ සරල සිංහල පැහැදිලි කිරිමක් තමා මේ.
ඔබ මේ ගැන දන්නවාද?
1. ඔබ පාරේ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.
රථවාහන නීති සංග්‍රහයේ 162 පරිච්ඡේදය අනුව මෙය සාවද්‍ය ප්‍රකාශයකි. ඔබට එසේ පොලිස් නිලධාරියෙක්ව මග හැර යා නොහැක. ඔබව නතර කිරිමේ පුර්ණ අයිතිය පොලිස් නිලධාරියා සතුවන අතර ඔබ එයට අවනත විය යුතුයි. එමෙන්ම පොලිස් නිලධාරිය ලබාදෙන වාචික හා හස්ත සංඥා අනුව රථයක් ඉදිරියට හෝ පසුපසට ධාවන කිරිමට ,නැවැත්වීමට, හැරවීමට හා අදාළ මංතීරුවලට මාරු කර ධාවනය කිීරිමට ඔබ බැදි සිටිනවා. තවද පොලිස් අඥාපනතේ 56 වගන්තිය අනුව සමාජ අපරාධ වලකා සාමය ආරක්ෂාකිරීමටත්, නොහික්මුනු හා සැකකටයුතු පුද්ලයන් අත්අඩංගුවට ගැනිමටත් ඔවුන් නිතිය ඉදිරියට පමුණුවීමටත් ආදි කාරණා කිහිපයක් යටතේ ඔවුන්ට බලය පැවරි තිබෙනවා .මේ නිසා නීතියට අවනත වීම ඔබ සතු යුතුකමක්.
රථවාහන නීති සංග්‍රහයේ 162 පරිච්ඡේදය අනුව මෙය සාවද්‍ය ප්‍රකාශයකි. ඔබට එසේ පොලිස් නිලධාරියෙක්ව මග හැර යා නොහැක. ඔබව නතර කිරිමේ පුර්ණ අයිතිය පොලිස් නිලධාරියා සතුවන අතර ඔබ එයට අවනත විය යුතුයි. එමෙන්ම පොලිස් නිලධාරිය ලබාදෙන වාචික හා හස්ත සංඥා අනුව රථයක් ඉදිරියට හෝ පසුපසට ධාවන කිරිමට ,නැවැත්වීමට, හැරවීමට හා අදාළ මංතීරුවලට මාරු කර ධාවනය කිීරිමට ඔබ බැදි සිටිනවා. තවද පොලිස් අඥාපනතේ 56 වගන්තිය අනුව සමාජ අපරාධ වලකා සාමය ආරක්ෂාකිරීමටත්, නොහික්මුනු හා සැකකටයුතු පුද්ලයන් අත්අඩංගුවට ගැනිමටත් ඔවුන් නිතිය ඉදිරියට පමුණුවීමටත් ආදි කාරණා කිහිපයක් යටතේ ඔවුන්ට බලය පැවරි තිබෙනවා .මේ නිසා නීතියට අවනත වීම ඔබ සතු යුතුකමක්.
2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්රය රඳවා ගැනීමට නොහැකිය.
රථවාහන පනතේ 135 (1) වගන්තිය අනුව මෙය සාවද්‍ය ප්‍රකාශයකි. ඒ අනුව රියපදවන සෑම අවස්ථාවකම රියදුර මහතා විසින් තමාගේ රියදුරු බලපත ලගතබා ගත යුතු අතර, එය ඉල්ලන ඕනෑම විටක පරීක්ෂාව සදහා අදාල පොලිස්නිළධාරි මහතා වෙත ඉදිරිපත් කිරිමට බැදි සිටි.
3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට
අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි.
සාවද්‍ය වේ .මෙවන් බෙදිමක් නැති අතර නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිසි නිලධාරියෙකුට ඔබේ හැඳුනුම්පත හෝ වෙනත් අදාළ ලියවිල්ලක් පරික්ෂාකිරීමට බලය පවරා ඇත. අපරාධ, රථවාහන ආදි අංශ ලෙස වෙන් කර ඇත්තේ පරිපාලනයෙහි ඇති පහසුව සඳහා පමණි.
4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)
මෙයද සාවධ්‍ය වේ .එවැනි සදහනක් කොතනකවත් නැති අතර ඉහත දැක්වු 162 වගන්තිය අනුව පොලිස් නිලධාරියාට තම රාජකාරිය කිරිමට නීතියෙන් බල තල ලැබි ඇත.
5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ. ඔවුන්ට
බැටන් පොල්ලක් හැර වෙනත් ආයුධයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත. (නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.) එමනිසා පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.
2010 මාර්තු 28 දින 843 වැනි චක්‍ර ලේඛනය අනුව නීතිය හා සාමය සුරැකීම සඳහා කොන්දේසි සහිතව ගිණි අවි භාවිතා කිරීමට පොලිස් නිලධාරීන්ට පූර්ණ අවසරය දී ඇත. ගිනි අවි භාවිතය පොළිස් නිළධාරින් සදහා සීමා කර ඇතත් එය තහනම් කර නැත.
6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon
Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.
එලෙස යාමට අවසර නැත .151 (1c) (a) වගන්තිය අනුව මත්පැන් පානය කර ඇතැයි සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බැලුන් ශ්වසන පරික්ෂාව සිදුකිරිමට හෝ එසේ නැතිනම් රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර පරික්ෂා කර හැක.
7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට
(Traffic Police) පමණයි.. (ඒ බැවින් හමුදා මුරපොල check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.) .
සාවද්‍ය වේ. සෑම පොලිස් නිළධාරිමහතෙකු හටම සමාන අයිතිවාසිකම් ඇත. ඉහත පලවෙනි කරුනේදි 56 වගන්තිය යටතේ මේ පිලිබද විස්තර කරන ලදි. තවදුරටත් 63 වගන්තිය මගින්ද පොලිස් නිළධාරින් හට මෙමෙ බලය පැවරි ඇත.
8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු
විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.
දන්ඩනීති සංග්‍රහයේ 25 පරිච්ඡේදය අනුව නිළ ඇදුමින් සැරසි සිටින ඕනෑම පොලිස් නිලධාරිතුමෙකුට ඕනෑම වේලාවක නිවසකට හෝ ව්‍යාපාරික ස්ථානයකට අධිකරන නියෝගයක් නොමැතිව ඇතුළු වි පරික්ෂා කල හැක.
9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව
කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්රය ලබාගත
නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.
එසේ මගහැර යාමට අවසර නැත 135 වැනි වගන්තිය අනුව ඉල්ලු ඕනැම අවස්තාවක පරික්ෂාව පිනිස රියදුරු බලපත්‍රය ලබාදීමට රියදුරු මහතා බැදි ඇත මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම බාරයට ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
එසේ මගහැර යාමට අවසර නැත 135 වැනි වගන්තිය අනුව ඉල්ලු ඕනැම අවස්තාවක පරික්ෂාව පිනිස රියදුරු බලපත්‍රය ලබාදීමට රියදුරු මහතා බැදි ඇත මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම බාරයට ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
10. රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත
ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට
හෝ ප්‍රාදේශිකයට අදාල නියෝජ්ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල
නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද
හැකියාව පවතී.
සාවද්‍ය වේ 9 වෙනි කරුණ යටතේ මේ පිලිබද විස්තර කරන ලදි.
11. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ
ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.
12. පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක
ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.
කාන්තාවකගෙන් විස්තර ලබා ගැනිමට පොලිස් නිළධාරියෙකු හට අවශ්‍ය නම් ඒ සදහා බලය ඇත. එම අවස්තාවේදි කාන්තා පොලිස් නිලධාරිනියක සිටීම අත්‍යාවශ්‍ය නොවේ. නමුත් අත්අඩංගුවට ගැනීමක් හෝ පරීක්ෂාවට ලක්කිරිමක් සිදු කරන්නේ නම් ඒ සහදා කාන්තාවක් සිටිය යුතු අතර, ඇය පොලිස් නිලධාරිනියක වීම අත්‍යාවශ්‍යය නොවේ.( 30 පරිච්ඡේදය)
13. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්රථම
වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)
අපරික්ෂාකාරි ලෙස අධික වේගයෙන් රියපැදවීම යටතේ ඔබව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිස්නිළධාරි මහතා සතුව ඇත. ඒ සදහා ඉහත සදහන් කල උප කරන ලග තිබිම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ.
මේ පිළිබද ඔබේ අදහසුත් අපට කියන්න.මෙය හුදෙක් දුර්මත දුරු කිරිමේ අරමුනින් සරලව ලියන ලද්දකි .වැඩි විස්තර අවශ්‍ය නම් පොලිස් වෙබ් අඩවියේ ඇති මෙම ලිපිය පරිශිලනය කරන්න.
සුභ දවසක් !


Post a Comment