BREAKING NEWS

Category 5

Category 6

Category 7

Saturday, August 8, 2015

හිගන වෙස්ගත් සුපිරි ක්‍රීඩක රොනාල්ඩො


රියල් මැඩ්රිඩ් (Real Madrid) පාපන්දු කණ්ඩායමේ අංක 7 සුපිරි ක්‍රිඩක, ක්‍රිස්තියානො රොනාල්ඩෝ එහෙමත් නැතිනම් CR7 පසුගිය දවස්වල අපුරු වැඩක් කරල තිබුනා. ඒ තමා නිවසක් නැති අසරණයෙක් ලෙස (Homesless man)වෙස්වලන් ගිහින් මිනිසුන් ගොඩක් ගැවසෙන ස්ථානයක නිදහසේ ටික වේලාවක් ගත කිරිම.
මේ අතරේ රොනාල්ඩො තමාගේ සුපිරි පාපන්දු දක්ෂතා අවට සිටි අයට පෙන්වන්නත් පසුබට උනේ නෑ. හැබැයි ප්‍රශ්නය කොතරම් තම පාපන්දු හැකියාවන් විදහා පෙන්නුවත් වෙස් වලන් සිටි නිසා මේ සුපිරි ක්‍රිඩකයව අනික් අය ගණන් ගත්තද කියන එක. ක්‍රීඩා කරන අතරේ ලස්සන යුවතියකගෙන් ඇයගේ දුරකතන අංකය ඉල්ලන්නත් CR7 අමතක කලේ නෑ.
මේ විඩියෝව මේ වසරේ ජනවාරි මාසයේ රූගත කල එකක්. උනත් එය අන්තර්ජාලයට මුදා හැරියේ පසුගියදා රොනාල්ඩො විසින්මයි. ෆේස්බුක් එකට මුදා හැරල විනාඩි කිහිපයක් ඇතුලත මිලියන විස්සක් පමණ දෙනා මේ වීඩියොව බලලා තිබුනා. ටික වේලාවක් සෙල්ලම් කරමින් විනෝද වුන CR7 තමන්ගේ අන්‍යනතාව හෙළිකරල, තමාගේ අත්සන යෙදු බොලේ තමන් සමග සෙල්ලම් කල කුඩා පිරිමි ලමයට දීලා ඉක්මනින් ඉවත් උනා. දැන් එහෙනම් බලන්න ලොකේ දැනට සුපිරි ක්‍රීඩකයන් තුන්දෙනා අතර සිටින මේ අපුරු ක්‍රිඩකයේ අපුරු වැඩේ..

Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger