BREAKING NEWS

Category 5

Category 6

Category 7

Saturday, August 1, 2015

හිසෙකස් වර්ධන වේගය දෙගුණයක් කරන ස්වභාවික ප්‍රතිකාරයක්

This Best Recipe Will Grow Your Hair 2 Times Faster

අධික ලෙස හිස කෙස් ගැලවී යාම,හිසකෙස් තුනි විම,හිස්හොරි,හිස කෙස් වියලීම හා කෙස් අග පැලි යාම යන ආදි කාරණා වලින් අප බොහෝ දෙනෙක් පීඩ විදිනවා.සමහරු මේ ගැටළු වලින් මිදී මට බොහෝ දෙනා විවිධ ආකාරයේ ෂැම්පු සහ ආලේපන භාවිතා කරනවා .ඒ අතර ඉතා මිළ අධික නිශ්පාදන පවා අද වෙළද පොලේ දක්නට ලැබෙනවා .
හිසකෙස් නිසිලෙස පිිරිසිදු නොකිරීම,බැක්ටීරියා අාසාධන,හිස්කෙස් සදහා අවශ්‍ය පෝෂනය නිසි පරිදි නොලැබීම ආදි හේතු කාරණා රැසක් මේ හිසකෙස් ගැලවි යාම සදහා හේතුවෙනවා. ඒවගේම හිස කෙස් වර්ධනය කියන කාරණය ජානමය හේතු හා වෙනත් අභ්‍යන්තර හා පාරිසරික සාධක මත තීරණය වෙනවා.
ඉතිං ඔබත් මෙවැනි ගැටළුවකට මුහුණ දෙන කෙනෙක් නම් අප අද ඉදිරිපත් කරන්න යන්නේ ඔබට නිවසේදිම පිළියෙල කරගත හැකි ස්වභාවික ප්‍රතිකර්මයක් ගැනයි. මෙය ඔබේ හිසකෙස් වර්ධනය කරනවා සේම එයට දිදුලන ස්වභාවික පෙනුමක් එක් කරනවා. මේ ළූනු ප්‍රතිකර්මය හොලිවුඩයේ පවා යොදාගන්නා ක්‍රමයක් .ඒ වගේම ළූනු මගින්, හිස කෙස් වැටීම 87% දක්වා අඩුකරන බව දැනට කර ඇති පරීක්ෂන වලින් තහවුරු කර තියෙනවා.
ළූණුවල අඩංගු සල්ෆර් (sulphur ) හිස්කෙස් වලට විශ්මය ජනක බලපෑමක් ඇති කරනවා .ඒ විතරක් නොවෙයි, එහි අඩංගු පොටැසියම් (potassium), මැගිනිසියම් (magnesium), ජර්මේනියම් (germanium),  විටමින් බී6 (vitamin B6)  විටමින් සි (vitamin C) ආදි  විටමින්  හා ඛනිජ ලවණ හිසකෙස් වලට වගේම හිස් කබලටත් පෝෂනය සපයනවා
ඉතින් පැහැපත් දිගු නීරෝගි   කෙස් කලඹක් වර්ධනය කර ගැනීමට මේ ක්‍රමයෙන් ඔබටත් හැකිවේවි.

පිළියෙළ කරගන්නා ආකාරය



කැබලි කර මිරිකා ගත් ලොකු ළුෑනු ගෙඩි 2-4 ඉස්ම (මේ සදහා Blender හෝ Juicerයක් යොදාගත හැකිනම් වඩා ප්‍රතිඵලදායකයි.)
දැන් මෙයට පිරිසිදු මී පැනි මේස හැන්දක් ඒක් කර හොදින් මිශ්‍ර කරන්න
දැන් මෙම මිශ්‍රණය හිස්කබලේ හොදින් ආලේප කර  මද වේලාවක් මසාජ් කර විනාඩි 15 - 30 පමණ තිබෙන්නට හරින්න. හැකිනම් පැයක පමන කාලයක් තිබෙන්නට හරින්න .සැර ගන්ධයක් දැනුනත් මදක් ඉවසාගෙන සිටින්න
ප්‍රතිකාරෙයන් පසුව වෙනදා කරන ආකාරයට හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න
මසකට දෙවරක් හෝ තුන්වරක් පමණ මෙම ප්‍රතිකර්මය කර බලන්න. ඔබේ හිසෙකස් වල අපුර්ව වෙනසක් දක්නට ලැබේවි

ඔබේ අදහස් අප හා බෙදාගන්න. තවත් කෙනෙකුට දැනගන්න මෙය ෂෙයාර් කරන්න. සුබ දවසක්!

You will need two to four red onions than you should chop and squeeze their juice. You can also use a blender to squeeze their juice, or even better, you can use a juicer. Add 1 tablespoon of honey in this juice and mix it well.
Using this juice mixed with honey, massage your scalp for a while. After that, leave it for about 15-30 minutes. The smell is strong but worth the effort. If you’re not in a rush, you can leave it on, for up to an hour. After this treatment, wash your hair as you normally would. It’s necessary to apply this treatment two to three times a month and you will see the amazing results.

Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger