අහසින් වැටුණු සුරගනාවිය
චිනයේ Beijing නුවර වෙසෙන Sun Yuan සහ Peng Yu කියන කලාකරුවන් දෙදෙනා වඩා ප්‍රසිද්ධ වි තිබෙන්නේ මිය ගිය පුද්ගලයන්ගේ දේහ කොටස් හා මිනිස් මේද පටක (fat tissue) යොදා ගෙන කරන කළා නිර්මාණ සදහායි.මේ දෙදෙනාගේ අලුත්ම අපුර්වතම නිර්මාණය තමා මේ.ඒත් මේ නිර්මාන කරල නම් තිබෙන්නේ ඉහත සහදන් දේවල් යොදාගෙන නෙවෙයි .මේ මූර්තිය ඔවුන් නම් කරල තියෙන්නේ "සුරගනාවිය" එහෙමත් නැත්නම් “Angel” කියල . බිම වැතිරි සිටින වයසට ගිය ස්ත්‍රියකගේ මුර්තියක් තමා මෙයින් දැක්වෙන්නේ .ඇයගේ තටුවල පිහාටු සියල්ල හැලි ගොසින්.බැලු බැල්මට පේන්නේ ඇය නිදා සිටිනව වගේ . සමහර විට ඇය මිය ගිහින් කියලත් කෙනෙක්ට සිතෙන්න පුළුවන්.. ඉතින් මේ නිර්මානය කරල තියෙන්නේ සිලිකා ජෙල් (silica gel), ෆයිබර් ග්ලාස් (fibreglass), මළ නොකන වානේ (stainless steel) සහ වියන ලද දැලක් යොදාගෙන.පුදුමයි !නේද?
ඔවුන්ගේ වෙබ් අඩවියේ මේ අපුරු කලා නිර්මානයේ ගුප්ත රසයත් ඔවුන්ගේ අරමුණත් පැහැදිලි කරල දීල තියනවා .එයට අනුව මෙය ලෞකික හා අලෞකික කියන තත්ව දෙක යටතේ පවතින අවිනිශ්චිතභාවය හා එහි සංක්‍රාන්තියත් පිළිබිඹු කරනවා.the project’s purpose: highlighting the tension and transition between the supernatural and the mundane.
ශ්‍රේෂ්ඨ සුරංගනාවිය බෙලහීන බවට පත්වෙලා .දෙවියන්ගේ කැමැත්ත හා උන්වහන්සේ පැවරු කාර්ය ඉටු කිරිමට බැරි තරමට ඇය අබල දුබල බවට පත්වෙලා .දෙවියන් වහන්සේ ජීවමාන මාව ඔප්පු කිරිමට ඇය දැන් අපොහොසත් වෙලා.ඔන්න ඕකයි සරළ අදහස.
බයිබලයට අනුව Seraphim සහ Cherubim කියන සුරංගනාවින්ට පමණක් අත්තටු තිබෙන බව සදහන් වෙනවා .
ඉතින් මේ අපුරු කලා නිර්මාණය රස විදින්න .කැමති නම් අනෙක් අයටත් බලන්න ෂෙයාර් කරන්න . සුභ දවසක් !
According to biblical sources, Cherubim and Seraphim are the only types of angels that have wings (Exodus 25:20, Ezekiel 10, Isaiah 6). Hebrews 1:14 describes angels simply as spiritual beings; therefore, it is most correct to say that only some angels are winged.







Post a Comment