කෝපි කෝප්පයක් මත සිතුවම් ඇදිමේ කලාව අද ලෝකයේ ඉතා ජනප්‍රිය අංගයක් වෙලා.එවැනි කලාකරුවන් අතර අසාමාන්‍ය හැකියාවක් ඇති කලාකරුවෙක් තමා Michael Breach කියන්නේ. ඔහු, කෝපි මත අදින සිතුවම් කලාවේ හැබෑම දක්ෂයෙක්.
නිව්යෝක් නුවර වාසය කරන Michael Breach හදුන්වන්නේ "ඩාවින්සි ඔෆ් බැරිස්ටා"(Da Vinci of barista)කියන අන්වර්ත නාමයෙන් .තමා අතට පත්කරන ඕනෑම සිතුවමක් උණු උණු කෝපි කෝප්පයක් මත සිතුවම් කරන්න ඔහුට ගතවෙන්නේ පුංචි වෙලාවක් පමණයි. ඒ සදහා ඔහුට අවශ්‍ය එකම දේ ටූත් පික් එකක් පමනයි .ඉතින් Michael ගේ අවන්හලට එන බොහෝ දෙනෙක් තමාගේ මුහුනේ සිතුවමක්, උණුසුම් කෝපි කෝප්පය මත සිතුවම් කරගන්න ඇල්මක් දක්වනව.
Michael කියන විදියට ඔහු මුලින්ම මේ සිතුවම් අදින්න පටන් ගෙන තියෙන්නේ විනෝදයට. මුලින්ම හදවත් , මල්, කුරුල්ලන්, වගේ රූප තමයි ඔහු සිතුවම් කරල තියෙන්නෙ . ඒත් දැන් Michael Breach කියන්නේ ලෝකය පුර තම දක්ෂතා පෙන්වමින්, තමන්ගේ රසිකයන් සතුටු කරමින් චාරිකා කරන පුද්ගලයෙක්. Michael Breach ගේ රසිකයන් අතර ලෝක ප්‍රකට සිනමා තාරකාවන්ද සිටින බව සදහන්
ඔහු තම නිර්මාණ සිදු කරන හැටි පහතින් බලන්න.
ඉතින් මෙම කලාකරුවාගේ දක්ෂතාවට අගය කරනවනම් මිතුරන් අතරේ බෙදා ගන්න.
නැවත දවසක හමුවෙනතුරු ඔබට සුභ දවසක් !
මාත් යනව කෝපි කෝප්පයක් බීලා එන්න ...



Post a Comment