BREAKING NEWS

Category 5

Category 6

Category 7

Saturday, August 8, 2015

රසවත් KFC ගැන ඔබ නොදත් නීරස කථා


ඔබත් එක් වරක් හෝ KFC චිකන් රස බලා ඇති KFC ලෝලියෙක් විය හැකියි .ඒත් අපි අද කියන්න යන්නේ රසවත් ලෙස ඔබ දකින KFC ගැන නීරස කරුණු කීපයක්.පසුගිය දශක දෙක පුරාවට ගත් කල KFC තරම් තම පාරිභෝගික භවතුන් අපහසුතාවයට පත් කල , නීරස කථා මැවු තවත් වෙළද ආයතනයක් මේ ක්ෂනිකආහාර නැතිනම් "ෆාස්ට් ෆුඩ්" ක්ෂේත්‍රය තුල නොමැති තරම් .
තමා ඇණවුම් කල ආහාර වේලත් සමග ලැබුණු  නමුත්, ආහාරයට ගත නොහැකි යම් යම් දේ පිළිගැන්වීම අතින් KFC ආයතනය නිතරම නව පුවත් මවනවා. මෑතකදි වාර්තාවුන ආසන්නතම සිද්ධිය වාර්තාවෙන්නේ අපේ රටෙන් වීමත් විශේෂත්වක්.

සමහර විට අප පුදුම කරවන කාරණය වන්නේ ඉතා ගැඹුරු තෙලේ බැද පිළියෙල කරනවායි සැළකෙන  KFC සමහර අවස්ථාවලදි අමු කුකුළු මස් ලෙසින් පාරිභෝගියන්ට පිළිගන්වා ඇති අවස්ථා වාර්තා වීමයි .සෑම සතියකටම වරක් සියලු KFC මධ්‍යස්තාන සදහා අවශ්‍ය කුකුළු මස් තොගයත් ඔවුන් ගේ රහස් වට්ටොරුව අනුසාරයෙන් සාදන ලද , දවටනය සදහා යොදා ගන්නා පිටි මිශ්‍රනයත් ලබාදෙනවා. ඉතින් Preasure fryer එකේ මේ මස් බැදගැනිමට යැවිමට ප්‍රථම මේ මිශ්‍රනය දවටා  KFC චිකන් පිළියෙල කරගැනීම සිදු කරන්නේ  ඒ අදාල සේවකයන් විසින්. සමහර විට මේ විදියේ ආහාරයට නුසුදුසු දෑ එක්විම එම අවස්ථාවලදි සිදුවෙනවයි අපට උපකල්පනය කරන්න පුළුවන්. එමෙන්ම මෑතකදි වාර්තා වුණා KFC සහ McDonald යන ආයතන වලට මස් සපයන චීන සමාගම දෙසතියක් පමණ කල්ඉකුත්වු කුකුළු මස් යොදාගෙන චිකන් නගට්ස් නිශ්පාදනය කර තිබු බව. ඉතිං කව්රු කරත් අවසානයේ KFC සමාගමට චෝදනාව භාර ගැනීමට සිදුවෙනවා.

2014 - පණුවෙක් (warm)හමුවීම




2014 මාර්තු මාසයේ ලංකාවේ KFC අවන්හලකට ගොඩවි ඇණවුම් කර ෆ්‍රයිඩ්රයිස් එකක් තුල තිබි පණුවෙක් හමු වුනා . KFC බලධරයන් ඒ පිළිබද සමාව ගෙන ඒ වෙනුවට වෙනත් ආහාර වේලක් නොමිලේ පිරිනැමිමට ඉදිරිපත් වුනත් අදාල පුද්ගලයන් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනව. පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරත් මේ පිළිබද ඔවුන්ට සාධාරණයක් ඉටු නොවුන බව ආරංචියි (මේක ඉතින් ලංකාව නේ නේ ;) ). ඒ පිලිබද මුළු විස්තරයක් මෙතනින් කියවන්න. කොහොම වුනත් අපහසුතාවයට පත් වුණ අදාල පාරිභෝගික මහතාගෙන් සමාව ඉල්ලීමට ඉදිරිපත් වීම ගැන අපි KFC ආයතනයට ස්තුති වන්න වෙනවා.

2014 - අත් පිස්නාවක් - Hand Towel


බ්‍රිතාන්‍ය යේ  KFC අවහන්හලකින් කුකුලු මස් ඇණවුම් කර මවකට හා 7ත් හැවිරිදි පුතෙකුට  චිකන් නගට් එකක් තුල තිබී ගුලිකරන ලද නිල් පැහැති අත්පිස්නාවක් හමුවී තිබෙනවා.මේ පිලිබද KFC ආයතනය ඔවුන්ගෙන් සමාව ගන්නත් නොමිලේ වෙනත් කෑම වේලක් ලබා දෙන්න ඉදිරිපත් වුනත් ඔවුන් එයට එකග නොවු බව සදහන්.

2013 - වකුගඩුවක් (Kidney)


බ්‍රිතාන්‍ය යේ ESSEX වල KFC අවංහලකට ගොඩවි ඇණවුම් කර ආහාර වේලක ,මස් අතර තිබී ඉතා පිළිකුල් පෙනුමෙන් යුත් මේ වගුකඩුව පුද්ගලයෙකුට හමුවි තිබෙනවා .ඔහු මෙය මුලින් මොළයක් ලෙස සිතුවත් KFC ආයතනය විසින් පසුව එය වකුගඩුවක් බව තහවුරු කරල තිබුන.ඒ ගැනත් වැඩි විස්තර මෙතනින් 

2012 - කුකුළු හිසක් (Chicken Head)


2012 වසරේ වර්ජිනියාවලදි KFC අවහන්හලකට ගොඩවි රාත්‍රි ආහාරය ගත් මවකට, හා ඇගේ දරුවන්ට සම්පුර්නයෙන් පිටි දවටා හොදින් බදින ලද මේ කුකුළු හිස ඔවුන්ගේ චිකන් බාස්කට් එකේ තිබි හමුවි තිබෙනවා.

2005 -සැල්මොනෙල්ලා ( Salmonella) KFC Twister wrap


KFC ඉතිහාසයේ ඉතා භයානකම අපකීර්තිමත්ම සිදුවීම සිදුවුනේ 2005 වසර තුලදි. ඔස්ට්‍රෙිලියාවේ 7 හැවිරිදි පුංචි දැරියක් හා ඇගේ දෙමාපියන් සැල්මොනෙල්ලා ආසාදනය වු  KFC Twister wrap අනුභව කිරිමෙනුයි.
මේ නිසා දැරියගේ මොළයට හානි වූ අතර රැධිර ආසාධනය, කම්පන තත්වයයට ඇය පත්වුනා.සදාකාලික ආබාධිත තත්වයට පත්වී රෝද පුටුවක් උඩට වී සිටින්නට ඇයට සිදුවි තිබෙනවා. දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2012 වර්ශයේදි ,ඩොලර් මිලියන 8.3 විශාල වන්දියක් ඇය වෙනුවෙන් ගෙවන්නට KFC සමාගමට සිදු වුනා .

ඉතිං මොකද හිතෙන්නේ තාමත් KFC කන්න ආස හිතෙනවද ? ඔබේ අදහසුත් අපට කියන්න . අනික් අයවත් දැනුවත් කරන්න හිතෙනවනම් මේ ලිපිය බෙදා හදාගන්න . ඔබට සුබ දවසක් !

ලිපිය ලියන්න තොරතුරු හොයාගත්තේ මේවලින්
foxnews.combbn,

Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger