BREAKING NEWS

Category 5

Category 6

Category 7

Tuesday, August 4, 2015

ලොව කැතම බල්ලා සම්මානය 2015


ලොව කැතම බල්ලා  සම්මානය 2015 ට ඔබව සාදරයෙන් පිළිගනිමු !

ලෝකයේ බොහෝ රටවල නොයෙක් ආකාර වු වාර්ෂික සුනඛ තරග පැවැත්වෙනවා. ශ්‍රි ලංකාවේත් Ceylon Kennel Club මගින් සංවිධානය කරපු 111 වැනි All Breed Championship Show එක පසුගියදා පැවැත්වුනා දන්නවා ඇතිනේ? ඒක ගැන දැනගන්න කැමති නම් මෙතනට යන්න .ඉතිං මේ කතා කරන්න යන්නේ වෙනස්ම දෙයක් ගැන. ඒ තමයි කැලිෆෝනියාවේ වාර්ෂිකව පවත්වන ලොව කැතම බල්ලා තේරිමේ තරගය.

27 වෙනි වරටත් පවත්වනු ලැබුනු ලොව කැතම බල්ලා තේරිමේ මෙම තරගය හැමදෙනාගේම අවධානය දිනාගත්ත උත්සවයක් උනා. ඉතිං මේක වෙන්නේ මෙහෙමයි බල්ලා ඉදිරිපත් කරන්න කලින් අයිතිකරු විසින් සුනඛයාගේ පශුවෛද්‍යවරයාගෙන් සහතිකයක් ගන්න ඕන, මෙම සතා ඉතා නීරෝගි තත්වයේ පසුවෙනවා කියලා. ඒ වගේම තරගයට ඉදිරිපත් කරන අවස්තාවේදිත් ඔවුන් පරික්ෂාවට ලක්කරනවා.(මොකද ඉතිං සමහරු ඇතිනේ බල්ලා හම ගහල හරි ලොව කැතම බල්ලා කරල සම්මානය ගන්න බලන් )
2015 ජයග්‍රාහකයා Quasi Modo (වයස අවු 10)


රට වටින්ම ඇවිත් අවසන් වටයට තේරුණු බල්ලන් 26 කගෙන් තමා මේ ලොව කැතම බල්ලා තෝර ගනු ලැබුවේ කලින් අවුරුදු වල ජයග්‍රාහකයනුත් මේ තරගයට සහභාගි වි තිබුනා



මෙහි ජයග්‍රාහකයා තමා Quasi Modo .පිට් බුල් හා ඩච් ශෙපර්ඩ් මිශ්‍ර වුන වර්ගයේ බල්ලෙක් .මෝඩෝට කොදු ඇට පෙලෙහි විකෘතියක් උපතින්ම තියන නිසා පොඩි කුදු කතියක් උරුම වෙලා තියනවා. ඒවගේම අවුරුදු 10ක් සුනඛ මධ්‍යස්තානයකට රැකවරණය ලබපු හිමිකාරයෙක් නොමැති බල්ලෙක් වෙලා ඉදල තියනවා .ෆ්ලොරිඩා වල පශුවෛදවරයෙක් තමා මේ අඩක් හයිනෙක් හා අඩක් තස්මේනියන් යක්ෂයා hyena/Tasmanian devil  කියන සතාගේ හැඩේ තියන මෝඩෝව අරන් හදාගෙන තියෙන්නේ.

තරගෙට ඉදිරිපත් උන තවත් Pooch වර්ගයේ තරගකාරයෙක්
තරගය ජයග්‍රාහනයෙන් ලැබුන $1500 වගේම ඇමරිකාවේ ඉතා ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වන  Jimmy Kimmel show එකේ පෙනී ඉන්නත් මෝඩෝට හා එයාගේ හිමිකරුට අවස්ථාව දැන් උදාවෙලා තියෙනවා.

අහල පහළ කැත බල්ලෙක් එහෙම හොයාගන්න ඉන්නවනම් උත්සාහයක් කරල බලන්න .

ආයෙත් දවසක අළුත් තොරතුරකින් හමුවෙන තුරු සුභ දවසක් !

 මෙන්න Quasi Modo ගේ වීඩියෝ එකක් බලන්න


Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger