Your Nails Shape Can Tell A Lot About Your Character
අපට යම්කිසි කෙනෙකු මුන ගැසුනු විට ඔහු හෝ ඇයගේ උස, ඇස්වල වර්ණය, කොන්ඩයේ දිග ,ආදි දේවල් කෙරෙහි අපේ නෙත යන්නේ නිතැතින්. ඉතින් ඒ තුලින් අපි නිගමනය කරන ඒ පුද්ලයාගේ ස්වභාවය ගැන පුංචි අදහසක්,නැත්නම් මතකයක් අපේ හිතේ කොනක තැනපත් වෙන්නේ අපිටත් නොදැනුවත්වම . එලෙසින් යම් පුද්ගලයෙකුගේ නියපොතු වල හැඩය ඔහු හෝ ඇය පිලිබද බොහෝ දේ පවසන බව ඔබ දන්නවාද ?
මෑතකදි ජපානයේ සිදු කල අධ්‍යනයකදි (personality diagnosis trend)ඔවුන් මේ පිලිබද අදහස් දක්කවා තිබෙනවා ඒ අනුව,
1 මෘදු ගතිගුණ ඇති ආදරණිය පුද්ගලයෙකු වේ
මෙයින් අදහස් වන්නේ ඔබේ මොළයේ දකුණුපස කොටස ඉතා හොදින් වර්ධනය වී ඇති බවක්. එවැනි නියපොතු සහිත පුද්ගලයන් සමාජශිලි හා සංවාදශීලි අයයි. අලුත් මිතුරන් හොයායන්නත් නැවුම් අත්දැකිම් ලබන්නත් මොවුන් ආසයි .නිතරම පිරිසක් සමග ගැවසෙන්න මොවුන් ආසයි. ඒ හේතුවෙන්ම නොයෙක් ප්‍රශ්න වලට මුහුන පාන්නට සිදුවන බැවින් ඉතා පරිස්සමින් කටයුතු කර යුතුයි. සියුම් වැඩෙහි දක්ෂයක් වන අතර ඉතා කුඩා කරුණක් කෙරෙහි පවා දැඩි අවධානයක් යොමු කරයි. අන්අයගේ අදහස් හා සිතුම් පැතුම් තේරුම් ගැනිමට යම් දුර්වල තාවයක් දක්වන නිසා සමහර අවස්තාවලදි ප්‍රශ්න ඇතිකර ගැනිමට පුලුවන්. මොළයට වඩා හදවතින් වැඩ කරන පුද්ගලයන්ය.
2 හදවතින් නොව මොළයෙන් වැඩ කරන පුද්ගලයන් වේ
මොවුන් මොලයේ වම් පස පෙදෙස හොදින් වර්ධනය් වී ඇති පුද්ගලයන්ය .පුද්ගලයන් හා දේවල් අධ්‍යනය කිරිමට නැඹුරුතාවක් දක්වයි. අන්‍යන්යන් තේරුම් ගැනිමටත් ඔවුන් සමග එකට වැඩ කිරිමටත් සමත් කමක් දක්වයි. අන් අයගේ උපදෙස් පිලිපදින අතර යමක් ප්‍රකාශ කිරිමට ප්‍රතම හොදින් සිතා බලයි. එමෙන්ම තම අදහස් සෘජුව ප්‍රකාශ කරයි.අළුත් දෙයක් කිරිමට නිතරම උත්සාහ කරයි .සංකිර්ණ ගැටලු වලදි නැණවත් විසදුම සොයාගැනිමට මොවුන් දක්ෂය . තරමක් කුකුළු කේන්තිකාරයන් වන මොවුන් හදවතට වඩා මොළයෙන් වැඩ කරන පුද්ගලයන්වේ.
3 නිර්මාණශීලි අදහස් ඇති අය වේ
ඉතා ක්‍රියාශීලි එමෙන්ම නිර්මානශීලි පුද්ගලයන් වේ. හැමවිටම ධනාත්මක චින්තනයක් සහිත වන අතර තමා වටේ සිටින සියලු දෙනා සතුටු කිරිමට උත්සාහ කරයි .තමා ආදරය කරන පිරිසට ඉතා විශ්වාසනිය පුද්ගලයෙකු ලෙස කටයුත් කරයි. ඔවුන් රැක ගැනිමට හැම විටම උත්සාහ කරයි .එමෙන්ම ත්‍රාසජනක ක්‍රියා වලට දැඩි ඇල්මක් දක්වන අතර එය ඉටු කරගන්නා තුරු උත්සාහය අත් නොහරි. මුරණ්ඩු පුද්ගයන් ලෙස අන් අයට පෙනුනත් ඔවුන් තමා කරනා දේ ගැන ඉතා හොදින් දැන සිටි.
4 සංවේදි අදහස් දරයි
ඉතා සංවේදි පුද්ගයන් වේ. මිතුරන්ට ඉතා ලෙංගතු වන අතර නිතරම තම හිතමිතුරන්ගෙ ප්‍රශ්න වලට මැදිහත් වෙයි. අළුතෙන් මිතුරන් ඇතිකරගැනිමේදි දෙවරක් ඒ ගැන සිතයි .දුකට පත්වු විට එය පිටට නොපෙන්වා ඉතා නිහඩව නිසලව සිටි. සත්‍යම කතා කරයි. තිත්ත උනත් ඇත්ත කතා කරන පුද්ගයන්ය.
5-6 නායකත්ව ලක්ෂනවලින් යුත් පුද්ගලයන් වේ
ඉතා වටිනා නායකත්ව ලක්ෂන වලින් යුතු පුද්ගයන් වේ. දැඩි වගකීම් දරමින් කටයුතු කිරිමට හපනුන්ය. එලෙස කටයුතු කිරිම නිසා ඉක්මනින් අන් අයගේ විශ්වාසය දිනා ගැනිමට සමත් වෙයි. සෑම කටයුත්තක්ම පිරිසිදුව පිලිවෙලට කිරිමට උත්සාහ කරයි. ධනාත්මක චින්තනයෙන් යුත් පුද්ගලයන් වේ. සැම විටම අන් අයගේ ඇසුර බලාපොරොත්තු වේ.
7 නිර්භිත පුද්ගයන් වේ
දැඩි අධිෂ්ඨාන සහිත නිර්භිත පුද්ගයන්වේ. යමක් කිරීමට පෙර දෙවරක් සිතයි .අවසානයේ ජයග්‍රාහිලෙස නිවැරදිව එම වැඩය අවසන් කරයි .හොද පරිකල්පන හැකියාවක් සහිත නිර්මාණශීලි පුද්ගලයන් වේ. නිතරම අනුන්ට උපකාර කරයි. අලුතෙන් යමක් කිිරිමටත් ගැටළුවලට නව විසදුම් සොයා ගැනිමටත් දක්ෂයින් වේ. තමා කරන වැඩය ඉතා විනෝදයෙන් කරයි කිසි විටක ඒ ගැන අලස බවක් නොදක්වයි.
8 සෘජු අදහස් ඇති පුද්ගයන් වේ
තමන්ගේ අරමුණ කරා යාමට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරයි. ඒ සදහා තමා අකමැති දෙයක් වුවද අකමැත්තෙන් කිරීමට පසුබට නොවේ. තමා තමා සමග එකලෙසින් වැඩ කිරිමටෙසමත් නොවන පුද්ගලයන් කෙරෙහි නොඉවසුම් සිත් ඇති කරගනි.
Post a Comment