අවංක ආදරයද? සල්ලිද?මේ අවුරුද්දේ ලෝකයේ නොයෙක් රටවලින්, විවිධාකාර වු විවාහ යෝජනා ඉදිරිපත් කිරිමේ අවස්තා කීපයක් වාර්තා වුනා ඒ අතරින් බොහෝමයක් ඉතා සතුටුදායක අන්දමින් කෙලවර උනා .එත් අපි මේ කියන්න යන ආදර කතාවට නම් ඇත්තේ සතුටුදායක අවසානයක් නෙවෙයි.
මේ කතාව අපිට වාර්තාවෙන්නේ චිනයේ ෂෙන්සෙන් කියන පළාතෙන්.
චීනයේ රූපවාහිනි ක්ෂේත්‍රයේ සුපිරි තාරකාවක් වන 27 හැවිරිදි පෙන්ග් යැන්ග් කියන යුවතියට විවාහ යෝජනාවක් කරන්න පැමිනෙන මෙම තරුණයා පැමිණෙන්නේ, සහයට තමා වටකරගත් ෆෙරාරි (ferrari) මර්සිඩිස් (mercedes benz) බෙන්ස් වර්ගයේ තවත් සුඛෝපභෝගි කාර් විස්සක් ද පිරිවරාගෙනයි.ඉතින් මේ සිද්ධිය අවට සිටි සියළු දෙනාගේ දැඩි අවාධානය දිනාගත් සිද්ධියක් වුනා.යුවතිය ඉදිරියේ දණ නවා ඔහු තම විවාහ යෝජනාව ඉදිරිපත් කලා.
නමුත් පෙන්ග් යැන්ග් යුවතිය මේ යෝජනාව ප්‍රතික්ෂේප කලා.ඇය දෑතින් සිය මුහුණ වසාගනිමින් කරුනාවෙන් මේ ඉල්ලිම ප්‍රතික්ෂේප කර තමන්ගේ අතපතා පැමිනි මේ තරුණය තනිකර යන්න ගියා .
පසුව මේ ගැන අදහස් පල කල පෙන්ග් යැන්ග් යුවතිය පැවසුවේ මේ සිද්ධිය පිළිබද ඇය දැඩි සතුටට පත්වු බවත්, එනමුත් ඇය බලාපොරොත්තු වන අකාරයේ පෙම්වතකු ඇයට තාම මුන ගැසි නැති බවත් .එ් වගේම මේ යෝජනාව කළ තරුණය කුඩා කල සිට දන්නා හදුනන තමාගේ ළමාකාලයේ මිතුරෙකු බවත් ඔහුව සොහොයුරෙක් ලෙස සළකන බවත්.
ඉතින් කාට හරි මේවගේ අපුරු විවාහ යෝජනාවක් කරල තමන්ගේ පෙම්වතිය පුදුම කරවන්න කරන්න හිතේ තියනවනම් ඇයගේ සිතෙත් තමන්ට ඇත්තටම ඉඩක් තියෙද කියල හරියටම දැන ගෙන යන්න. නැත්නම් මේ වගේ අපහසුතාවය පත්වන්න ඔබටත් සිදුවේවි..

Post a Comment