ඇමෙරිකාවේ ටෙක්සාස් නගරයේ වෙසෙන එරික් ස්ප්‍රාග්ට (Erik Sprague ) දර්ශනවේදය පිළිබඳව උපාධියක් තිබෙනවා. එහෙත් ඔහුගේ ජීවනෝපාය නම් ඔහු උගත් දේට කිසිම සම්බන්ධයක් නැහැ. එරික් තමාව හඳුන්වන්නේ lizard man හෙවත් කටුසු මිනිසා නමින්. නමට ගැළපෙන්න ඔහු තම සිරුර කටුසු හමක රටාවට කොළ පාටින් පච්ච කොටා දෙතොලද කොළ පාට ගන්වා තිබෙනවා.
එරික්ට මුළු සිරුර පුරාම මෙලෙස පච්ච කොටවාගැනීමට පැය 650ක් - 700ක් පමණ වැය වුනාලු.
මීට අමතරව සැබෑම කටුසු ස්වරූපය ලබාගන්නට එරික් සැත්කම් මඟින් තමන්ගේ දිව දෙකට බෙදා මුහුණේ හම උලුප්පා තිබෙනවා.
තම සිරුරට කර ඇති මෙම වෙනස්කම්වලට ඔහුට ආසන්න වශයෙන් ඩොලර් ලක්ෂ දෙකහමාරක් පමණ වැය වී තිබෙනවාලු.
ඉතින් මේ තරම් වියදමක් කර කටුසු වෙස් ගත එරික් ඉන් ආදායමක් උපයනවාදැයි ඔබට සිතෙන්නට පුළුවන්. එරික් තමන්ගේම සංදර්ශනයක රඟපාමින් ලෝකය වටා සංචාරය කරනවා. මීට අමතරව රුපවාහිනී වැඩසටහන් රැසකත් ඔහු පෙනී හිඳ තිබෙනවා. එරික් සංගීත කණ්ඩායමකත් සාමාජිකයෙක්. ඔහුගේ කටුසු ස්වරූපය නිසා මෙම සංගීත කණ්ඩායමට වැ වැඩියෙන් ඇණවුම් ලැබෙනවාලු.
“මේ විදිහට කටුසු වෙස් ගෙන ඉන්න ලැබීම ගැන මම හරි සන්තෝසයි. මම හිතන්නේ නැහැ මම ඒ ගැන කවදාවත් පසු තැවෙයි කියලා” එරික් තම කටුසු හම අත ගාමින් කියන්නේ ආඩම්බරයෙන්.
- මලිති විජේසේකර
එරික්ගේ විශාල පැහැදිලි ඡායාරූපයක් මෙතනින්න බලන්න


Post a Comment