කෝට්ටේ යුගයේ මහා පඬිවරයකු කිවියකු මෙන් ම භාෂා ගණනාවක ප්‍රවීණත්වයෙන් යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමට උපන් හපන්කමින් යකුන් ගෙන් ද වැඩ ගත් ඒ උන් වහන්සේ අන් කවරකුවත් නොව දෙස් විදෙස් පතළ ව තොටගමුවේ විජයබා පිරිවෙනේ පිරිවෙන්පති ව වැඩ විසූ වාචීස්සර, ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටකාචාර්ය, මහා කිවි තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ය.ඇත්තටම උන් වහන්සේ භාශා විශාරදයෙක් විතරක්ම නෙවේ, බොහොම කලාතුරකින් පහලවෙන විවිධ හැකියාවන්ගෙන් පිරිච්ච හිමි නමක්. උන්වහන්සෙට බොහොම ප්‍රභල මතක ශක්තියක් තිබුනලු. කවුරුහරි එකපාරක් කිව්ව දෙයක් උනත් උන්වහන්සෙට බොහොම අපූරුවට මතක හිටලා තියෙනවා. මේ අපූරු මතක ශක්තිය ලැබුන විදිය ගැන තියෙන්නෙත්, බොහොම රසවත් කතාවක්.
සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.
දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය.
මා වැනි බිලින්දා
වර වර ලඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා
මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය. ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය.රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය . සිය ගුරු හිමියන් සමග නැකතට පොල් හිටවා ,රාහුල හිමි සිටවු පොල් පැළයේ යට ගෙඩි හටගත් බවත් කියනු ලැබේ . රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ .
රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුවා. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ .බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ ” යනුවෙන් ඇසුවේය, එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නැ ,හාමුදුරුවනේ මේකේ අටවකක් නැ එක වකයි තියෙන්නේ .මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි.විදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.
ඒ කාලෙ රජකම් කරපු හයවන පැරකුම් රජ්ජුරුවො එක්ක පොඩි හිත් අමනාපකමක් නිසා රාහුල හාමුදුරුවො, තොටගමුවේ විහාරයෙන් ඈත් වෙලා ඇල්පිටියේ ඉඳුරුව කියන ගල් ලෙනෙහි කාලයක් වැඩ සිටියලු .එක දිනක් පන්සලේ ඇබිත්ත කොලුවා කැදවල තමාට ලැබිල තිබුන හොදවයින් මී කිරි හට්ටියකුයි කෙසෙල් ගෙඩි දහයකුයි දීල ඒක තමන්ගේ ගුරු හාමුදරුවො ඒ කියන්නේ තොටගමුවේ විහාරයේ වැඩ ඉන්න වෑත්තෑවේ හිමිට ගිහින් දෙන්න කියල යැව්වලු ඒ වගේම පුංචි කොල කෑල්ලකුත් අතට දුන්නලු ගිහින් දෙන්න ඒකේ ලියල තිබිල තියෙන්නේ "පුර හදයි දසවකයි පිලිගන්න" කියලා .අදාල ගමන ගිහින් ගුරු හිමියන් බැහැ දැකල ආපු ඇබිත්ත කොලුවා වීදාගම හිමියන් නැවත එවුව පුංචි කොල කෑල්ලක් ආපසු රාහුල හිමි අතේ තිබ්බලු එකේ ලියල තිබුනේ "අඩ සදත් අටවකත් පිලිගතිමි" කියල. වුන දේ තේරෙනවනේ ඇබිත්ත කොලුවා මගදි කිරි හට්ටියෙන් බාගයකුත් කෙහෙල් ගෙඩි දෙකකුත් කාලා තමා තෑග්ග බාර දීල තියෙන්නේ.
තොටගමුවේ ශ්‍රි රාහුල හිමියන් හා සැබැදි ඉතා රසවත් කතා කිහිපයක්
‘සුරදෝතා – වර මෑතා
ගොම දෝතා – දම ඈතා’
සුරදෝතා වහා ගොම තලිය දෑතින් ගෙන ඈත හෙළුවේ ය.
තවත් මෙවැනි රස කතා ඇත්නම් අපට කියන්න.
සුභ දවසක් !
කතා බොහොමයක් උපුටාගත්තේ : muthuhara.wordpress.com පින්තුරේ ගත්තේ srirahulathero.com

Post a Comment