BREAKING NEWS

Category 5

Category 6

Category 7

Tuesday, August 4, 2015

ශ්‍රි රාහුල හිමියන් හා සබැදි රසවත් කතා 7 ක්


කෝට්ටේ යුගයේ මහා පඬිවරයකු කිවියකු මෙන් ම භාෂා ගණනාවක ප්‍රවීණත්වයෙන් යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමට උපන් හපන්කමින් යකුන් ගෙන් ද වැඩ ගත් ඒ උන් වහන්සේ අන් කවරකුවත් නොව දෙස් විදෙස් පතළ ව තොටගමුවේ විජයබා පිරිවෙනේ පිරිවෙන්පති ව වැඩ විසූ වාචීස්සර, ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටකාචාර්ය, මහා කිවි තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ය.ඇත්තටම උන් වහන්සේ භාශා විශාරදයෙක් විතරක්ම නෙවේ, බොහොම කලාතුරකින් පහලවෙන විවිධ හැකියාවන්ගෙන් පිරිච්ච හිමි නමක්. උන්වහන්සෙට බොහොම ප්‍රභල මතක ශක්තියක් තිබුනලු. කවුරුහරි එකපාරක් කිව්ව දෙයක් උනත් උන්වහන්සෙට බොහොම අපූරුවට මතක හිටලා තියෙනවා. මේ අපූරු මතක ශක්තිය ලැබුන විදිය ගැන තියෙන්නෙත්, බොහොම රසවත් කතාවක්.



සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය.

මා වැනි             බිලින්දා
වර වර ලඟට          කැන්දා
දුක් සැප             කුමන්දා
අසන නිරිඳෝ වෙන   කොයින්දා
මෙම කවියට පැහැදුණු රජතුමා දරුවාව සිය දරුකමට හදාගනු ලැබුවේය.ඒ කුඩා දරුවා ශ්‍රි රාහුල හිමියන්ය. ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය.රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය . සිය ගුරු හිමියන් සමග නැකතට පොල් හිටවා ,රාහුල හිමි සිටවු පොල් පැළයේ යට ගෙඩි හටගත් බවත් කියනු ලැබේ . රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ .


රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුවා. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ .බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ ” යනුවෙන් ඇසුවේය, එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නැ ,හාමුදුරුවනේ මේකේ අටවකක් නැ එක වකයි තියෙන්නේ .මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි.විදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.

ඒ කාලෙ රජකම් කරපු හයවන පැරකුම් රජ්ජුරුවො එක්ක පොඩි හිත් අමනාපකමක් නිසා රාහුල හාමුදුරුවො, තොටගමුවේ විහාරයෙන් ඈත් වෙලා ඇල්පිටියේ ඉඳුරුව කියන ගල් ලෙනෙහි කාලයක් වැඩ සිටියලු .එක දිනක් පන්සලේ ඇබිත්ත කොලුවා කැදවල තමාට ලැබිල තිබුන  හොදවයින් මී කිරි හට්ටියකුයි කෙසෙල් ගෙඩි දහයකුයි දීල ඒක තමන්ගේ ගුරු හාමුදරුවො ඒ කියන්නේ තොටගමුවේ විහාරයේ වැඩ ඉන්න වෑත්තෑවේ හිමිට ගිහින් දෙන්න කියල යැව්වලු ඒ වගේම පුංචි කොල කෑල්ලකුත් අතට දුන්නලු ගිහින් දෙන්න  ඒකේ ලියල තිබිල තියෙන්නේ "පුර හදයි දසවකයි පිලිගන්න" කියලා .අදාල ගමන ගිහින් ගුරු හිමියන් බැහැ දැකල ආපු ඇබිත්ත කොලුවා වීදාගම හිමියන් නැවත එවුව පුංචි කොල කෑල්ලක් ආපසු රාහුල හිමි අතේ තිබ්බලු එකේ ලියල තිබුනේ "අඩ සදත් අටවකත් පිලිගතිමි" කියල.  වුන දේ තේරෙනවනේ ඇබිත්ත කොලුවා මගදි කිරි හට්ටියෙන් බාගයකුත් කෙහෙල් ගෙඩි දෙකකුත් කාලා තමා තෑග්ග බාර දීල තියෙන්නේ.

රහල් හිමියන් වීදාගම හිමියන් යටතේ ඉගෙන ගන්නා කාලයේදි ඉන්දියාවේ මගධ දේශයෙන් පැමිණි චන්ද්‍රභාරති නම් පඬිවරයෙක්ද විය.ඔහු වීදාගම හිමියන්ගෙන් ශිල්ප හදාරා ඉන්දියාවට ගොස් වසර කිහිපයකින් නැවතත් ලංකාවට පැමිනියේ චන්ද්‍රභාරති රචනා කල බෞද්ධ ශතකය නම් පොතත් දඹ රන් ගුලියක් රැගෙනයි. චන්ද්‍රභාරති ගුරු හිමියන්ට ගුරුපඬුරු දී තමා ගෙන ආ පොත පිළිගන්වා එම පොත පන්සලේ පොත්ගුලේ ඇද්දැයි විමසා සිටියේය.චන්ද්‍රභාරති එම පොත දක්වා තම විද්‍යාතනය උපහාසයට ලක්කිරිමේ උත්සාහයදැනගත් වීදාගම හිමියෝ සාමණේර හිමිනමක් අමතා වහා එම පොත තම පොත්ගුලේ තිබේදැයි බලන ලෙස කීහ.එ සමගම නෙතින් ඉඟියක් කර රාහුල හිමියන්ට එම පොත ලියාගන්නැයි කීහ.ඉන්පසු වීදාගම හිමියෝ එම පොත දැනගන්නට පඬිවරයාට එකින් එක කියවන ලෙස කීහ.පඩිවරයා එය කියවා අවසන්වනවාත් සමගම පොත සෙවීමට ගිය සාමණෙර නම පැමිණ ඇතුල කළු නොමැදපු පොතක් නම් තියනවා ” කියා නාහිමියන්ට දැනුම් දුන්නේය.තමා ලියූ පොතෙ අත්පිටපත පමණක් තමා ලඟ තියෙද්දි තවත් පොතක් පොත්ගුලේ තිබෙන්නේ කෙසෙදැයි ච්න්ද්‍රභාරති පුදුම වුයේය. දෙවැනි පොත රහල් හිමයන්ගේ වැඩකි.යමක් වරක් කිවිට මතකතබා ගැනිමෙ මහත් සහ්ක්තියක් එම හිමිනමට තිබුණි.වීදාගම හිමියෝ එම පොත කළු මැදගෙන එනලෙස කියා පඬිවරයාට ඉදිරිපත් කළේය.

තවත් දිනයක මෙම ගුරුගෝල දෙදෙනා ගලක ඉන්නක් සිටුවියහැකි ඉතා බලගතු සුබ මොහොතක ඉණි සිටුවිමට සුදානම් වූහ.ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තම පය ඇඟිලි අතර රඳවාගේන සිටි නිසා ඉතා පහසුවෙන් නියම නැකතට ඉන්න සිටුවීමට හැකිවිය.(පොල්පැල සිටුවිම ගැනද මීට සමාන රස කතාවක් ඇත එය පසුවට ඉදිරිපත් කරනෙමු)

තොටගමුවේ ශ්‍රි රාහුල හිමියන් හා සැබැදි ඉතා රසවත් කතා කිහිපයක් විදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වති තෛලය නමින් බලගතු, දිව ගැ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය.එය කෙස් ගසකින් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. විදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ.නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය.අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වති තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි විදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය.එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.


වෙනදා මෙන් අලුයම පිබිදුණු තොටගමුව වෙහෙරේ නායක හිමියෝ සුදෝසුදු වැලිමළුවේ සක්මනෙහි යෙදෙමින් සිටියදී පන්සල වැට පැන ගොන් නාම්බකු ගොම තලියක් හලා ගොස් තිබෙනු දැක තමන් වහන්සේට ම මොනවාදෝ මුමුණමින් අනතුරුව උස් හඬින් එසේ අඬ ගසන්නට වූහ. සුරදෝතා ඇබිත්ත කොලුවා ය. කොහේදෝ සිට දිව ආ සුරදෝතා මඳක් දුරින් සිට ඇසපිය නොහෙළා බලා සිටින්නට වූයේ ය. හිමි කොලුවා දෙස බලා ගොම තලියට ඇඟිල්ලක් දිගු කර මෙසේ කියන්නට වූහ.

‘සුරදෝතා – වර මෑතා
ගොම දෝතා – දම ඈතා’

සුරදෝතා වහා ගොම තලිය දෑතින් ගෙන ඈත හෙළුවේ ය.

තවත් මෙවැනි රස කතා ඇත්නම් අපට කියන්න.

සුභ දවසක් !

කතා බොහොමයක් උපුටාගත්තේ  : muthuhara.wordpress.com පින්තුරේ ගත්තේ srirahulathero.com

Post a Comment

 
Copyright © 2013 Lanka Magazine
Powered byBlogger